Business is booming.

Facebook ඇණහිටීම සම්බන්ධව එම සමාගම කණගාටුව ප්‍රකාශ කරයි

(බීබීසී ඇසුරෙනි) 

0 220

 

ඉතිහාසයේ සිදුවූ බරපතලම ඇණහිටීම ලෙස ෆේස්බුක්  වෙබ් අඩවිය තාවකාලිකව ඇණහිටීම දැක්විය හැකි බව එම සමාගම ප්‍රකාශ කරයි. 

ඔවුන් විසින් ඒ සම්බන්ධව තම කනගාටුව පළකරන බව ප්‍රකාශ කරයි.
 
ගෝලීය වශයෙන් භාවිතා කරන ප්‍රධාන සමාජ මාධ්‍ය ජාලයක් වන ෆේස් බුක් මාධ්‍ය ඊයේ (13) තාවකාලිව බිඳ වැටුණි.
 
මීට පෙර 2008 වර්ෂයේදී මෙවැනි බිඳ වැටීමක් සිදු වී ඇති අතර එහිදී මිලියන 150ක් පමණ පරිශීලකයන් අපහසුතාවයට පත් වී ඇති බව වාර්තා වේ.
 
අද වන විට බිලියන 2.3 ක පමණ පරිශීලකයින් පිරිසක් ෆේස්බුක් භාවිත කරන අතර ඒ අතරින්  ඇමෙරිකාව, ජපානය හා ඕස්ට්‍රේලියාව යන රටවල පරිශීලකයින් විශාල ප්‍රමාණයක් මෙම බිඳවැටීමෙන් අපහසුතාවයට පත්වී ඇත.
 
ෆේස්බුක් මැසෙන්ජර් සමාජ මාධ්‍ය  මෙන්ම වට්ස්ඇප් සහ ඉන්ස්ටර්ග්‍රෑම් සබඳතා ද මෙලෙස තාවකාලිකව බිඳ වැටී ඇති අතර අත්හිටුවීමේ හේතුවක් තවමත් අනාවරණය වී නොමැත.
 
 

Comments
Loading...