Ratawata News
News web site

ගංවතුරෙන් අවතැන්වූවන්ගේ සෞඛ්‍ය සේවාවන් සොයා බැලීමට සුව ඇමැති අද උතුරට

118

ගංවතුරෙන් අවතැන් වූ උතුරේ ජනතාවගේ සෞඛ්‍ය සේවා කටයුතු විධිමත්ව සිදු කිරිම සහ කඳවුරු වල ජීවත්වන ජනතාවගේ සෞඛ්‍ය ගැටලු සොයා බැලීම සඳහා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා අද (29) කිළිනොච්චි සහ මුලතිව් ප්‍රදේශවල සංචාරයක නිරතවීමට නියමිතයි.

මෙහිදී සෞඛ්‍ය අමාත්‍යවරයා උතුරු පළාතේ සෞඛ්‍ය බලධාරීන් සමග සාකච්ඡාවක් පැවැත්වීමට ද නියමිත බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසන්නේ. එසේම කඳවුරුවල ජීවත්වන ජනතාවට අවශ්‍ය සනීපාරක්ෂක පහසුකම් සහ යටිතල පහසුකම් පිළිබදවත් සොයාබැලීමට නියමිතයි.

මෙහිදී සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය හා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ඇතුලු රාජ්‍ය ආයතනවලින් එකතු කළ වියළි ආහාර පාර්සල් ද අවතැන් කඳවුරු 02 ක පීඩාවට පත් ජනතාවට බෙදාදීමට සෞඛ්‍ය අමාත්‍යවරයා කටයුතු යොදා ඇති බවයි අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

කිලිනොච්චි, කණ්ඩාවලී මුරුගනාදන් ප්‍රාථමික විද්‍යාලයේ පිහිටි අවතැන් කඳවුරට සහ මුලතිව් සුදන්තිරපුරම් විද්‍යාලයේ පිහිටි අවතැන් කඳවුරට මෙම වියළි ආහාර පාර්සල් බෙදාදීමට නියමිතයි.

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept