Ratawata News
News web site

බ්‍රිතාන්‍ය තරුණියකගේ හිරිඔතප් බිඳීමට ගිය තරුණයන් දෙදෙනෙක් අත්අඩංගුවට

රංජිත් රාජපක්ෂ - හැටන්

163

බ්‍රිතාන්‍යය ජාතික  තරුණියකගේ හිරිඔතප් බිඳීමට තැත් කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් තරුණයන් දෙදෙනෙකු අද (26) අලුයම හැටන් පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නත්තල් සමය ගත කිරීම සඳහා 28 හැවිරිදි බ්‍රිතාන්‍යය ජාතික මෙම තරුණිය ඇයගේ පෙම්වතා සමග හැටන් කාසල්රරී ජලාශය ආසන්නයේ පිහිටි සංචාරක නිකේතනයකට පැමිණ ඇති අතර, එම සංචාරක නිකේතනයේ නවාතැන් ගෙන සිටි සැකකරුවන් දෙදෙනා බ්‍රිතාන්‍යය ජාතික තරුණිය නවාතැන්ගෙන සිට කාමරයට අද (26) අලුයම 1.45 ට පමණ  ගොස්  දොරට තට්ටු කර ඇයව කාමරයෙන් ඉවතට ගෙන ඇයට අනවශ්‍ය ලෙස බලපැම් කරමින් සැකකරුවන් දෙදෙනා හැසිරි ඇති බවයි එම බ්‍රිතාන්‍යය ජාතික තරුණිය විසින් හැටන් පොලිසියට කල පැමිණිල්ලේ සදහන් කර ඇත්තේ.

එම සංචාරක නිකේතනයේදි බ්‍රිතාන්‍යය ජාතික තරුණිය සහ ඇයගේ පෙම්වතා සමග සැකකරුවන් දෙදෙනා සුහදතාවයක් ඇති කරගෙන මත්පැන් සාදයක්ද පවත්වා ඇති බවයි හැටන් පොලිසිය කියා සිටියේ.

සැකකරුවන් දෙදෙනා සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යය ජාතික  තරුණිය එම සංචාරක නිකේතනයේ පාලන අධිකාරියට දැනුම් දිමෙන් පසු එම පාලන අධිකාරිය විසින් 119 පොලිස් හදිසි ඇමතුම් අංශයට කල පැමිණිල්ලක් මත හැටන්  පොලිසියේ නිලධාරින් එම සංචාරක නිකේතනයට ගොස් සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් දෙදෙනා හැටන් දික්ඔය ප්‍රදේශයේ පදංචිකරුවන් බවත්, එම සැකකරුවන් හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදදිරිපත් කරන බව හැටන් පොලිසිය පවසනවා.

 

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept