Ratawata News
News web site

ජනපති සහ ශ්‍රී ලනිප ආසන සංවිධායකවරු අතර හමුවක් 

නිදහස් පක්ෂයේ ප්‍රතිසන්ධාන කටයුතු ජනවාරි මැද

156

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායකවරු අතර හමුවක් අද (24) පෙරවරුවේ ජනාධිපති මන්දිරයේ දී පවත්වා තිබෙනවා.

පක්ෂයේ ඉදිරි වැඩපිළිවෙළ සහ ප්‍රතිසංවිධාන කටයුතු පිළිබද මෙහිදී සාකච්ඡාවට ලක් කෙරුණු අතර, පක්ෂයේ ප්‍රතිසංවිධාන වැඩපිළිවෙළ ලබන ජනවාරි මැද වන විට ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව සඳහන් කළ ජනාධිපතිවරයා සියලුම ආසන සංවිධායකවරුන්ගේ දායකත්වය සහ කැපවීම ඒ සඳහා අපේක්ෂා කරන බව  ද කියා තිබෙනවා.

එමෙන්ම පුළුල් සන්ධානයක් ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කරමින් ඉදිරි දේශපාලන කටයුතු සඳහා සූදානම් කිරීමට සියලු ආසන සංවිධායකවරුන් නායකත්වය ගෙන කැපවීමෙන් කටයුතු කිරීමේ වැදගත්කම ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙහිදී අවධාරණය කර තිබෙනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උපදේශක, හිටපු අග්‍රාමාත්‍ය දී.මු ජයරත්න, ජ්‍යෙෂ්ඨ උප සභාපති නිමල් සිරිපාල ද සිල්වා, හිටපු අමාත්‍යවරුන් වන එස්.බී. දිසානායක, මහින්ද අමරවීර යන මහත්වරුන් ඇතුළු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෝ මීට එක්ව සිටි බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.  

 

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept