Ratawata News
News web site

ලංකාවෙ ප්‍රථම සය නිවුන් දරු උපතක්

21

මෙරට පළමු සය නිවුන් දරු උපත අද කොළඹ පෞද්ගලික රෝහලකදී අද වාර්තා වී තිබේ.
අද අලුයම 12.16 ත්12.18 අතර කාලය තුළදී මහාචාර්ය ටිරාන් ඩයස්ගේ මූලිකත්වයෙන් සිදු කෙරුණු සිසෙරියන් සැත්කමක් හරහා මෙම දරු උපත සිදුව තිබේ.
ගැහැණු දරුවන් තිදෙනකු සහ පිරිමි දරුවන් තිදෙනෙකු මෙලෙස උපත ලබා තිබේ.
අදාළ මවුපියන් අයි.ඩී.එච් ප්‍රදේශයේ පදපදිංචිකරුවන් වන අතර මවගේ වයස අවුරුදු 31කි.
මේ වනවිට අලුත උපන් බිළිඳුන් 6දෙනාම ‍යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
නමුත් ඔවුන් අතරින් දෙවනියට උපත ලැබූ දරුවා පමණක් මේ වන විට දැඩි වෛද්‍ය සුපරීක්ෂාව යටතේ පසුවන බවද වාර්තා වේ.

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept