Ratawata News
News web site

ඔප්පුව ගෙදරටම

12

“ඔප්පුව ගෙදරටම” තවත් අදියරක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඇරඹෙයි

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ “සෞභාග්‍යයේ දැක්ම” ජාතික ප්‍රතිපත්තිය බලගන්වමින් ඉඩම් ඔප්පු ලබා දීම කඩිනම් කිරීම සඳහා ඉඩම් අමාත්‍යාංශය යටතේ ඇති ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව හා එක්ව සංවිධානය කරන ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව සතු ඉඩම් වල ඔප්පු නොලද ජනතාව වෙනුවෙන් අදාල ඔප්පු ලබා දීමට “ඔප්පුව ගෙදරටම” නමින් වැඩසටහන ඉකුත් 19 වැනි දින ගම්පහ දිස්ත්‍රික්කය ආවරණය කරමින් අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක කෙරිණි.
කොවිඩ් 19 වසංගතය හේතුවෙන් නිරෝධායනයට ලක්වන ජනතාවද මඟනොහැර ඔවුන්ට හිමි ඔප්පුද නිරෝධායන රෙගුලාසිවලට අනුකූලව එතුමන් විසින් ඔවුන්වෙත ලබාදීමට කටයුතු කර තිබිණි.
මෙම වැඩසටහන අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් ආරම්භ කොට දැනට දිස්ත්‍රික්ක කිහිපයක සාර්ථකව ක්‍රියාත්මක වූ අතර ඔක්තෝබර් මස අවසන් වීමට පෙර දිවයිනම ආවරණය වන අයුරින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.
මෙම අවස්ථාවට ගරු කෝකිලා ගුණවර්ධණ පාර්ලිමේන්තු මංත්‍රී තුමිය සහ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිලන්ත විජේසිංහ මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් හා මහජන නියෝජිතයින් පිරිසක් සහභාගි විණි.

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept