Ratawata News
News web site

සියල්ලටම පෙර දරුවන්

පාසල් දරුවන්ගේ පෝෂණය සඳහා වියළි ආහාර සහිත පෝෂණ මල්ලක් පිරිනමයි

18

“සියල්ලටම පෙර දරුවන්” යන තේමාව යටතේ පැවැත්වුණු මෙවර ලෝක ළමා දින ජාතික වැඩසටහනට සමගාමිව පාසල් දරුවන්ගේ පෝෂණය සඳහා වියළි ආහාර සහිත පෝෂණ මල්ලක් පිරිනැමීමේ ජාතික වැඩසටහන කළුතර දිස්ත්‍රික්කයෙන් ඉකුත්දා ආරම්භ විය.

දිවයින පුරා පාසල් 7,926ක දිවා ආහාර වේල හිමි දුවාදරුවන් 1,081,927ක් සදහා රුපියල් මිලියන 1,229ක වියදමකින් යුතුව වියලි සලාක ලබාදීමේ වැඩසටහන කළුතර දිස්ත්‍රික්කයෙන් ආරම්භ වෙයි. ඒ අනූව කළුතර දිස්ත්‍රික්කයේ පාසල් 301ක දුවාදරුවන් 41,679ක් සඳහා මෙම ප්‍රතිලාභ හිමිවනු ඇත. “සියල්ලටම පෙර දරුවන්” යන තේමාව යටතේ පැවැත්වුණු මෙවර ලෝක ළමා දින ජාතික වැඩසටහනට සමගාමිව මෙම වැඩසටහන ක්‍රියාත්මකය.
කාන්තා හා ළමා සංවර්ධන පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා මැතිතුමන් විසින් මෙම වැඩසටහන මෙහෙයවනු ලබයි.
2021 ඔක්තෝබර් මස 17 වැනි දින බස්නාහිර පළාත කේන්ද්‍ර කරගනිමින් පැවැත්වූ වැඩසටහනේදී සංකේතාත්මකව වියලි සලාක සහිත බඩු මලු ප්‍රදානය සිදුවිය. බේරුවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී මීට අදාල උත්සවය ජනමාධ්‍ය අමාත්‍ය ගරු ඩලස් අලහප්පෙරුම මැතිතුමාගේ මුලිකත්වයෙන් පැවැත්විණි.

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept