Ratawata News
News web site

Pfizer එන්නත ගැන අලුත්ම අනාවරණය

13

ෆයිසර් කෝවිඩ් -19 එන්නත ලබා දී මාස 6 කට පසු පුද්ගලයෙකු වෛරස් රෝගයෙන් රෝහල් ගත වීමේ අවදානම අවම කිරීම සඳහා 90% ක්ම ඵලදායී බව නව අධ්‍යයනයකින් සොයාගෙන ඇති බව විදෙස් මාධ්‍ය සදහන් කරයි.
කෙසේ වෙතත්, ආසාදන වැලැක්වීම සම්බන්ධයෙන් ගත් කල, කාලයත් සමඟ එන්නතේ කාර්යක්ෂමතාව වේගයෙන් අඩු වන බවද අධ්‍යයනයෙන් සොයාගෙන ඇත. එහිදී ඔවුන් පවසන්නේ මාස පහකට පසු, ආසාදනය වීම වැළැක්වීමේදී එය 47% ක්ම ඵලදායී බවයි.
දළ වශයෙන් මිලියන 3.4 ක ජනතාවගේ දත්ත විශ්ලේෂණය කරමින් 2020 දෙසැම්බර් සහ 2021 අගෝස්තු අතර කාලයේදී මෙම අධ්‍යයණය ඔවුන් විසින් සිදුකර ඇත.
මෙම අධ්‍යනයේ ප්‍රතිඵල ඊශ්‍රායලයේ සහ එක්සත් ජනපදයේ රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථා වල කලින් ප්‍රකාශයට පත් කළ දත්ත වලට අනුකූලව කාලයාගේ ඇවෑමෙන් එන්නත්වල සාර්‍ථකතාවය පිළිබඳව සොයා බැලූ නමුත් ඩයිල්ටා ප්‍රභේදය ෆයිසර් එන්නතට කෙසේ බලපායිද යන්න පිළිබඳව මුලින්ම සලකා බැලීය.
එහිදී “ඩෙල්ටා සහ ඩෙල්ටා නොවන ප්‍රභේදවලට එරෙහිව එන්නතෙහි සඵලතාවය අධ්‍යයනය අතරතුර ඉහළ මට්ටමක පැවති අතර, වෙනත් ප්‍ර‌‌භේද පවතින විටත් එන්නත් හොඳින් ක්‍රියාත්මක වෙයි” යනුවෙන් බෝවන රෝග විශේෂඥ සහ ඒබීසී ප්‍රවෘත්තිදායක වන ආචාර්ය සිමෝන් වයිල්ඩ්ස්, යැයි තවදුරටත් පැවැසීය.
ABC News

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept