Ratawata News
News web site

මාන්කුලමේ වැවක් කැඩී A9 මාර්ගය යටවෙයි

මාධව කුලසූරිය - වවුනියාව

183

කිලිනොච්චිය දිස්ත්‍රික්කයට ඊයේ(21) රාත්‍රීයේ ඇද හැලුණු දැඩි වර්ෂාව හේතුවෙන් කිලිනොච්චිය ප්‍රදේශයේ ජල ගැලීම් තත්ත්වයක් හටගෙන ඇති අතර, මාන්කුලම ප්‍රදේශයේ වැවක් කැඩී යාමෙන් A9 මාර්ගයේ ධාවන කටයුතු වෙනුවෙන් බාධා එල්ල වි ඇති බව දිස්ත්‍රික් ආපදා කළමණාකරණ මධ්‍යස්ථාන නිළධාරීන් පවසනවා.

ප්‍රදේශයට මිලිමීටර 250 කට වැඩි වර්ෂාපතනයක් පතිත වී ඇති අතර, කිලිනොචිචිය ඉරණමඩු ජලාශය වාන් දැමීම හේතුවෙන් පහත් බිම් රැසක් යටවී ඇති බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන නිළධාරීන් පවසනවා.

මාන්කුලම වැව කැඩීයාම හේතුවෙන් A9 මාර්ගය හරහා යාපනය සංචාරයට එක්වන පිරිස් වෙත අවධානමෙන් ගමන් ගන්නා ප්‍රදේශයේ ආරක්ෂක අංශ ඉල්ලීම් කරනවා.

කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ පවුල් විශාල පිරිසක් අවතැන්ව සිටින අතර, අවතැන් පිරිස් ආරක්ෂක අංශ හා ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන නිලධාරීන් විසින් බේරා ගැනීමේ මෙහෙයුම් සිදුකර බේරා ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept