Ratawata News
News web site

වට්සැප්, මසෙන්ජර, ෆේස්බුක් හා ඉන්ස්ටර්ග්‍රෑම් නැවතුනේ ඇයි?

14

ඊයේ ලොව පුරා ෆේස්බුක්, ඉන්ස්ටර්ග්‍රෑම්‍, මෙසෙන්ජර් සහ වට්සැප් යන සමාජ මාධ්‍යය ජාලයන්හි බිඳ වැටීමක් සිදුවිය.
මෙතෙක් ප්‍රමාද සමාජ ජාලාවල සිදු වූ විශාලතම බිඳ වැටීම මෙය බවට ඩවුන්ඩෙටෙක්ටර් නම් ආයතනය ප්‍රකාශ කරන අතර පැය 6කට ආසන්න හයකට ආසන්න කාලයක් එලෙස මෙම තත්ත්වය පැවැති අතර මේ වන විට එය නැවත යථා තත්ත්වයට පැමිණෙමින් තිබෙන බව ෆේස්බුක් පවසයි.
මෙම බිඳවැටීම සම්බන්ධව ලොව පුරා ගැටලු වාර්තා මිලියන 10.6 ක් වාර්තා වී ඇත. මෙලෙස ෆේස්බුක්හි අවසන් වරට මෙවැනි බිදවැටීමක් ඇති වූයේ 2019 දී ය.

ෆේස්බුක් වෙබ් අඩවිය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ විදුලිය බිඳවැටීමෙන් පීඩාවට පත් වූවන්ට සමාව අයදින බවයි.
“*Sincere* apologies to everyone impacted by outages of Facebook powered services right now. We are experiencing networking issues and teams are working as fast as possible to debug and restore as fast as possible,” he tweeted.
මෙය සිදුවූයේ කෙසේදැයි තවමත් හරි ස්ථිර තොරතුරක් ෆේස්බුක් සමාගම පවසා නොමැත. ආයතනයේ තාක්ෂණික ආරක්ෂක නිලධාරියෙක් පවසා සිටියේ එය DNS තාක්ෂණික දොශයක් බවයි.
Confirmed: The DNS records that tell systems how to find http://Facebook.com or http://Instagram.com got withdrawn this morning from the global routing tables. Can you imagine working at FB right now, when your email no longer works & all your internal FB-based tools fail?” Krebs tweeted. “We don’t know why this change was made. It could well have been the result of an internal, system wide change or update that went awry. It’s all speculation at this point why. FB alone is in control over its DNS records.” He continued.

බ්‍රිතාන්‍ය ඩේලි මේල් වෙබ් අඩවිය පවසන්නේ, බ්‍රිතාන්‍ය සම්මත වේලාවක් 16.44 ට අදාළ බිඳවැටීම සිදු වූ බවයි.

එමෙන්ම ඒ.පී ජාත්‍යන්තර පුවත් සේවය නිකුත් කළ වාර්තාවක සඳහන් වූයේ, ෆ්‍රාන්සිස් මෝර්ගන් විසින් මෙහෙය වන ලද සික්ස්ටි මිනිට් නම් රූපවාහිනි සම්මුඛ සාකච්ඡා වැඩසටහනකට එක් වූ දත්ත විද්‍යාඥයෙකු විසින් හෙළි කළ ආන්දෝලනාත්මක තොරතුරු හේතුවෙන් ෆේස්බුක් සමාගම අදාළ තීරණය එළඹ ඇති බවයි.

මෙම සාකච්ඡාවේ දී අදාළ විද්‍යාඥයා විසින් හෙළි කර ඇත්තේ, ෆේස්බුක් සමාගමේ ඉහළ පෙළේ නිලධාරීයෙකු විසින් සමාගමට අදාළ රහස්‍ය තොරතුරු ඇතුළත් වාර්තා අතිවිශාල ප්‍රමාණයක් මුදා හැර ඇති බවයි.

එය ෆේස්බුක් සමාගමේ කීර්ති නාමයට සහ පැවැත්මට බරපතල බලපෑමක් ඇති කරනු ඇති බවත් ඔහු කියා සිටියා.

මෙම සාකච්ඡාවේ දී ඔහු වැඩිදුරටත් කියා සිටියේ, ෆේස්බුක් සමාගම සමාජ යහපත සහ ආයතනයේ සුබ සිද්ධිය සලකා බැලීමේ දී සෑම විටම ආයතනික සුබසිද්ධිය සහ ප්‍රතිලාභ අන්තයේ සිටිමින් කටයුතු කළ බවයි.

මේ අතර ෆේස්බුක් සමාගම මීට ටික වේලාවකට පෙර ඔවුන්ගේ සෑම සමාජ ජාල අඩවියකම දැන්වීමක් පළ කරමින්, කියා සිටියේ යම්කිසිවක් වැරදි ඇති බවත් එය නිවැරදි කරගැනීමට සිය තාක්ෂණික කණ්ඩායම් කටයුතු කරන අතර අදාළ අවහිරය ඉවත් කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරමින් සිටින බවයි.

ෆේස්බුක් සමාගමේ සන්නිවේදන කලමනාකරු වන ඇන්ඩි ස්ටෝන් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ලොව පුරා සිටින ෆේස්බුක් ග්‍රාහකයින්ගෙන් සමාව ඉල්ලා සිටිනවා.

ඔහු කියා සිටින්නේ, සිය සමාගමට අයත් සමාජ මාධ්‍ය ජාලයන්ට පිවිසීමේ අවහිරතාවක් මේ වනවිට උද්ගතව ඇති බවත්, එය කඩිනමින් යථාවත් කිරීමට සිය තාක්ෂණික කණ්ඩායම් කටයුතු කරමින් සිටින බවයි

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept