Ratawata News
News web site

ලෝක නායකයන්ගේ රහස්‍ය ගනුදෙනු ගැන හෙළිකරයි

හිටපු අමාත්‍යවරියක් වන නිරූපමා රාජපක්ෂත් ඒ අතර

25

ඇමරිකාවේ වොෂින්ටන් හි පිහිටි ජාත්‍යන්තර පර්යේෂණාත්මක මාධ්‍යවේදීන්ගේ සංගමය විසින් මිලියන දොළහකට අධික ලේඛනවලින් හෙළිදරව් කරමින් පැන්ඩෝරා පත්‍ර යනුවෙන් නම්කළ ලොව පුරා සිටින රාජ්‍ය නායකයන් දේශපාලනඥයන්ද ධනවතුන් සහ බලවත් පුද්ගලයන් විසින් සිය අනන්‍යතාවය සැඟවෙමින් සිදුකරන ලැබූ මුදල් විශුද්ධිකරණ සිදුවීම් සම්බන්ධයෙන් ගවේෂණාත්මක හෙළිදරව් කිරීමක් සිදුකර තිබේ.
මෙලෙස නිකුත් කර ඇති ලේඛන වල ශ්‍රී ලංකාවේ හිටපු අමාත්‍යවරයා වන නිරූපමා රාජපක්ෂ අමාත්‍යවරිය ගේ නමද ඇතුළත් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙහි වත්මන් සහ හිටපු නායකයන් තිස් පස් දෙනෙකුගේ සහ රාජ නිලධාරීන් තුන්සියයකට වැඩි සංඛ්‍යාවකගේ නම් ඇතුළත් වේ.
ඇමෙරිකාවේ සහ බ්‍රිතාන්‍යයේ දේපළ පවුම් මිලියන හැත්තෑවක් රහසිගතව එකතු කරගත් ජෝර්දානය රජු පිළිබඳව ද, හිටපු බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ටෝනි බ්ලෙයාර් සහ ඔහුගේ බිරිඳ ලන්ඩන්හි කාර්යාලයක් මිලදී ගැනීමේදී මුද්දර ගාස්තු වශයෙන් පවුම් 312,000ක් ඉතිරි කළ ආකාරය පිළිබඳව මෙම ලේඛන පෙන්වා දී ඇත.
එපමණක් නොව කිසියම් රුසියානු ජනාධිපති විලැඩ්මීර් පුටින් ගේ රහසිගත දේපල මොනවා හෝ රජයේ ඇති බවත් මෙමගින් වැඩිදුරටත් අනාවරණය කර තිබේ.
අදාල සම්පූර්ණ නාමලේඛනය මෙසේ සඳහන් කර තිබිණි.

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept