ලක්වාසී මෙන්ම ලෝකවාසී බෞද්ධ ජනතාවට අතිශයින්ම වැදගත් පොහෝ දිනයක් වන උඳුවප් පුර පසළොස්වක පොහොය දිනය අදට (22) යෙදී තිබෙනවා. මෙරට බෞද්ධයන්ගේ මුදුන් මල්කඩක් වන ශ්රීපාදස්ථානයේ වන්දනා සමය ඇරඹෙන්නේද උඳුවප් පොහෝ දිනයෙනි.
ජය ශ්රී මහා බෝධීන් වහන්සේ ලංකාවට වැඩම කරනු ලැබුවේද මෙරට භික්ෂුණී ශාසනයද අදවැනි උඳුවප් දිනකදී බවයි ශාසන ඉතිහාසයේ දැක්වෙන්නේ.
දේවානම්පියතිස්ස රජු දවස උඳුවප් පුර පසළොස්වක පෝය දිනකදී සංඝමිතතා මහ රහත් මෙහෙණින් වහන්ගේ ශ්රී මහා බෝධියේ දකුණු ශාඛාව රැගෙන දඹකොළ පටුනින් ලංකාවට වැඩම කරවීම සිදු වූවා.
එසේම සිරිපා වන්දනා සමයද අද සිට ආරම්භ කෙරෙනවා. උඳුවප් පොහෝ දින සිට එළැඹෙන වෙසක් පොහෝ දිනය දික්වා සිරිපා වන්දනා සමයයි.
Comments