Ratawata News
News web site

පාර්ලිමේන්තුව දෙසැම්බර් 21 දිනට කල් තබයි

173

නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව අද පස්වරු 1ට රැස්වූවා. සභා ආරම්භයේදීම දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් විපක්ෂ නායක ධුරය සම්බන්ධයෙන් අදහස් පළ කරනු ලැබුවා.

එම විශේෂ ප්‍රකාශ කරමින් ඔහු කියා සිටියේ තමන් විපක්ෂ නායක ධුරයෙන් මෙතෙක් කතානායකවරයා විසින් ඉවත් කර නොමැති බවයි. එසේම මේ වන විට පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරුන් දෙදෙනෙකු සිටින බවද ඔහු කියා සිටියා. 

මේ අතර පාර්ලිමේන්තුවේ කටයුතු දෙසැම්බර් මස 21 වනදා පෙරවරු 10 දක්වා කල් තබන ලදී. ඒ සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සභාව වෙත දැනුම්දීමෙන් අනතුරුවයි. ඒ අනුව මූලාසනය විසින් සභාව කල් තබන ලදී. 

ඊයේ (18) සභාව කල් තබන අවස්ථාවේ ගෙන ආ සභාව කල් තැබීමේ යෝජනාවේ විවාදයේ දෙවැනි දින විවාදය මේ වන විට පැවැත්වෙනවා. 
 

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept