Ratawata News
News web site

කොළඹ ට හා වරායට බෝම්බ බියක් – අවධානයෙන් සිටින්න

154

පුපුරණ ද්‍රව්‍ය අඩංගු බවට සැක කරන ලොරි රථයක් සහ කුඩා වෑන් රථයක් පිළිබඳව කොළඹ නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත ලැබුණු තොරතුරකට අනුව කොළඹ නගරයේ සියලු පොලිස් ස්ථාන දැනුවත් කර ඇතැයි පොලීසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, පොලිස්පතිවරයා විසින් ද නීති විරෝධී කටයුතුවලට යොදා ගත හැකි බවට සැක කෙරෙන තවත් වාහන කිහිපයක් සම්බන්ධයෙන් දිවයිනේ සියලු පොලිස් ස්ථාන දැනුවත් කිරීමට පියවර ගෙන ඇති බව ය.

යතුරු පැදි 5ක්, කැබ් රථයක් හා වෑන් රථයක් සම්බන්ධයෙන් ඒවායේ ලියාපදිංචි අංක සහිතව පොලිස්පතිවරයා සියලුම පොලිස් ස්ථාන දැනුවත් කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.

එමෙන්ම බෝම්බ සවිකර ඇති ලොරි රථයක් සහ කුඩා වෑන් රථයක් කොළඹ නගරය වෙත පැමිණ ඇති බවට බුද්ධි අංශ විසින් තහවුරු කොට තිබෙනවා.

ඒ හේතුවෙන් ශ්‍රී ලංකා වරයා වෙත ඇතුළුවන පිවිසුම් දොරටු වල සේවයේ නිරත සියලු නිලධාරීන් සහ වරාය අධිකාරියේ නිලධාරීන් දැනුවත් කරන ලෙස කොළඹ වරාය පොලීසිය විසින් ලිඛිතව දැනුම් දී තිබෙනවා.

 

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept