Ratawata News
News web site

ගුවන් තොටුපල අසල පිපුරුම් උපකරණයක් නිශ්ක්‍රීය කරයි

241

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ආසන්නයේ පුපුරණ උපකරණයක් සොයගෙන ඇති බව වාර්තා වේ.

මෙම පුපුරණ උපකරණය ආඩිඅම්බලම මාර්ගයේ තිබී ඇති අතර ගුවන් හමුදා භට පිරිසක් විසින් නිෂ්ක්‍රිය කර තිබේ.

ඊයේ (21) රත්‍රීයේ මෙම පුපුරණ උපකරණය නිෂ්ක්‍රිය කළ බව ශ්‍රී ලංකා ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කපිතාන් ගිහාන් සෙනවිරත්න මහතා විසින් පැවසීය.

ඊයේ රාත්‍රී 10.00 ට පමණ කිසියම් පිරිසක් විසින් කටුනායක ගුවන් තොටුපළ පොලීසිය ඉදිරිපිට සැක කටයුතු බෑගයක් තබා ගොස් තිබූ අතර, පසුව ආරක්ෂක අංශ නිලධාරීන් පැමිණ එය පරීක්ෂා කිරීමේදී, ඒ තුළ පරණ ඇදුම් කීපයක් තිබී සොයාගෙන තිබුණි.

ඉන්පසුව ශ්‍රී ලංකා ගුවන් හමුදා ජංගම මුර සංචාරක භට පිරිසක් විසින් කටුනායක ගුවන් තොටුපළට පිවිසෙන පිටත්වීමේ පර්යන්තය ආසන්නයේ තිබී අඩි 06 ක් පමණ දිග දේශීය වශයෙන් නිපදවා, පී.වී.සී.බටයක් තුළ අටවා සකස් කර තිබූ බෝම්බයක් අනාවරණය කරගත් බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

පසුව ගුවන් තොටුපළ ඉදිරිපිට මාර්ගය වසා දමා මෙම පුපුරණ උපකරණය අද රාත්‍රී 11.10 ශ්‍රී ලංකා ගුවන් හමුදා බෝම්බ නිශ්ක්‍රිය අංශයේ භට පිරිසක් විසින් නිශ්ක්‍රිය කරනු ලැබීය.

මෙම අවස්ථාව වනවිට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සිය ඉන්දීය සංචාරය නිමවා කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණීමට ආසන්නව තිබුණි.

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept