Ratawata News
News web site

ට්‍රම්ප් ඉරානයට එරෙහි වෙයි

157

ඉරාන විප්ලවීය හමුදාව විදේශික ත්‍රස්ත සංවිධානයක් ලෙස නම් කිරීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගත්තේ ය.

අමෙරිකාව වෙනත් රටක හමුදාවක් ත්‍රස්ත සංවිධානයක් ලෙස නම් කළ ප්‍රථම අවස්ථාව මෙයයි.

මීට ප්‍රතිචාර ලෙස මැදපෙරදිග ස්ථානගත කර සිටින අමෙරිකානු සෙබල කණ්ඩායම් ත්‍රස්ත සංවිධානයක් ලෙස ප්‍රකාශයට පත්කිරීමට ඉරානය පියවර ගත්තේ ය.

ඉරාන න්‍යෂ්ටික ගිවිසුමෙන් අමෙරිකාව ඉවත්කරගැනීමට ජනපති ට්‍රම්ප් පියවර ගැනීමෙන් පසු දෙරට අතර පැවති අර්බුදකාරී තත්ත්වය තවදුරටත් උග්‍ර විය.

ඉරාන විප්ලවීය හමුදාව ත්‍රස්ත සංවිධානයක් ලෙස නම් කිරීමෙන් ඉරානයට එරෙහිව නව සම්බාධක පැනවීමට අමෙරිකාවට හැකියාව ලැබෙනු ඇති.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මෙම සම්බාධක ඉරානයේ ව්‍යාපාරික ක්ෂේත්‍රය සහ ආර්ථිකය මුල්කරගනිමින් පැනවෙනු ඇති බවයි.

අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ මූලිකත්වයෙන් ගත් මෙම පියවරෙන් ඉරානය , ත්‍රස්තවාදයට සහය ලබාදෙන රාජ්‍යයක් පමණක් නොව, ක්‍රියාකාරීව ත්‍රස්ත ක්‍රියාවල නිරතවන රාජ්‍යයක් බවට ද හෙළිකෙරෙන බව ජනාධිපති ට්‍රම්ප් නිවේදනයක් නිකුත්කරමින් කියා සිටියේ ය.

අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවට අනුව ඉරානයට එරෙහි මෙම නව සම්බාධක සතියක් තුළ ක්‍රියාවට නැංවීමට නියමිතයි .

අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පේයෝ සහ එරට ජාතික ආරක්ෂක උපදේශක ජෝන් බෝල්ටන් ජනපති ට්‍රම්ප්ගේ මෙම ක්‍රියාව අගය කළ නමුත් ඊට සියලු අමෙරිකානු නිලධාරීන්ගේ අනුමැතිය හිමිව නොමැත

විදෙස් පුවත් උපුටා ගැනීමකි

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept