Ratawata News
News web site

YOUTH with TALENT අද අවසන් තරඟය

152

තාරුණ්‍යයේ විස්මිත හැකියාවන් ලෝකයට හඳුන්වා දුන් වැඩසටහනක් ලෙස යූත් විත් ටැලන්ට් වැඩසටහන හැඳින්විය හැකිය.

ජාතික තරුණ සේවා සභාව සහ අයිටීඑන් එක්වයි යූත් විත් ටැලන්ට් රියැලිටිය වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලබයි. 

මේ වන විට මෙහි වැඩසටටහන් 02ක් අවසන් කර ඇති අතර තර්ඩ් ජෙනරේෂන් අවසන් මහා තරගය අද පැවැත්වේ.

ඒ සදහා තරගකරුවන් අට දෙනෙකු සුදුසුකම් ලබා සිටී.

. වසර 3 ක් පුරා මෙරට අතිවිශිෂ්ටයින් විස්මවන්තයින් බවට පත් කරන්නට යූත් විත් ටැලන්ට් රියැලිටියට හැකිවුණා. තර්ඩ් ජෙනරේෂන් අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගෙන ඇති තරඟකරුවන් වන්නේ තරිදු රුමයන්ත, ඉරෝමි ජයසිංහ, සම්පත් සුභසිංහ, සහිබුල් යමීන්, කුෂාන් භාෂිත,  රුවන් චාමර, හැනිබර් ද මැජික් වොරිය හා මොහොමඩ් රියාද් යන වාසනාවන්තයින්ය.

යූත් විත් ටැලන්ට් අවසන් වැඩසටහන අද රාත්‍රී 7 සිට සජීවීව අයිටීඑන් ඔස්සේ නැරඹිය හැකියි.

අවසන් මහා තරගය සදහා ජාතික තරුණ සේවා සභා පරිශ්‍රය මේ වන විට සුදානම් කෙරෙමින් තිබෙනවා.

රුපියල් කෝටියකට අධික ත්‍යාග  ජයග්‍රාහකයාට පිරිනමන්නට කටයුතු සූදානම් කර තිබෙනවා.

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept