Ratawata News
News web site

රටවටා එක්ක අවුරුදු සමරන්න – අවුරුදු චාරිත්‍ර

හිරුණිකා මධුභාෂිනී

255

සිංහල ජ්‍යෝතිෂ ශාස්ත්‍රය අනුව සුර්යයා මින රාශියේ සිට මේෂ රාශියට ගමන් කෙරන විට නව වසර උදා වේ .සිංහල අලුත් අවුරුදු උත්සවය යනුවෙන් සිංහල ජනතාව විසින් සමරනු ලබන්නේ මෙම දිනයයි . එය සිංහල ජනතාවගේ පමණක් නොව දමිළ ජනතාව විසින්ද සමරනු ලබන උත්සවයකි. එබැවින් මෙය සිංහල හින්දු අලුත් අවුරුද්ද ලෙස හඳුන්වයි.

 2019 සිංහල අලුත් අවුරුද්ද උදා වෙන්න තව ඇත්තේ දින කිහිපයකි .ඉතින් මේ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද කියල කියන්නේ සියලුම දෙනා හිතේ තියෙන තරහ මරහ අමතක කරලා සතුටින් කෙළි ලොල්ව කාලය ගත කරන සමයක් .මේ උත්සවයේ තියෙන විශේෂත්වය නම් මුලු රටක්ම එකම නැකතකට අනුව චාරිත්‍ර වාරිත්‍ර වල යෙදීම යි .ඒ චාරිත්‍ර වාරිත්‍ර ගැන ඔබ හරි හැටි දැනුවත් ද?අද අපි හිතුව ඒ පිලිබදව ඔබත් සමග තොරතුරු බෙදා ගන්න .

නව සද බැලීම

අභිනව චන්ද්‍ර වර්ෂය සදහා 2019 වූ අප්‍රේල් මස 07 වන ඉරිදා දින ද අභිනවා සුර්ය වර්ෂය සදහා මැයි මස 09 වන බ්‍රහස්පතින්දා දින ද නව සද බැලීම මැනවි .

පරණ අවුරුද්ද සදහා ස්නානය

අප්‍රේල් මස 13 වෙනි සෙනසුරාදා දින බෝපත් යුෂ මිශ්‍ර නානු ගා ස්නානය කොට ඉෂ්ට දේවතා අණුස්මරනයෙහි දී වාසය මැනවි .

 

අලුත් අවුරුදු උදාව

අප්‍රේල් මස 14 වෙනි ඉරිදා අපර භාග 2 .09 ට සිංහල අලුත් අවුරුද්ද උදා වෙයි .

පුණ්‍ය කාලය

අප්‍රේල් මස 14 වෙනි ඉරිදා පුර්වභාග 07.45 සිට අපර භාග 08 .33 දක්වා පුණ්‍ය කාලය බැවින් අප්‍රේල් 14 වෙනි ඉරිදා පුර්වභාග 07 .45 ට පළමුව (13 වන සෙනසුරාදා ගෙවී 14 වන ඉරිදාට එළි වන පාන්දර 07 .45 සිට පසුදා එනම් 14 වන ඉරිදා අපර භාග 08 .33 දක්වා )ආහාර අනුභව කොට සියලු වැඩ අත හැර ආගමික වතාවත් වල යෙදීමද ,පුණ්‍ය කාලයේ අපර කොටස තුල එනම් 14 වන ඉරිදා දින අපර භාග 02. 09 සිට අපර භාග 08 .33 දක්වා පහත දැක්වෙන අයුරු ආහාර පිසීම ,වැඩ ඇල්ලීම ,ගණුදෙනු කිරීම හා අහාර අනුභවය ආදී චාරිත්‍ර විධි ඉටු කිරීමද මැනවි .

ආහාර පිසීම

අප්‍රේල් මස 14 වන ඉරිදා අපර භාග 02 .42 ට රතු සහ කහ මිශ්‍ර තඹ පැහැති වස්ත්‍රාරභාරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා ලිප් බැද ,ගිනි මොලවා හකුරු මිශ්‍ර කිරි බතක් ද අග්ගලා සහ තල මිශ්‍ර කැවිලි වර්ගයක්ද පිළියෙළ කර ගැනීම මැනවි .

වැඩ ඇල්ලීම සහ ගණුදෙනු කිරීම හා ආහාර අනුභවය

අප්‍රේල් මස 14 වෙනි ඉරිදා අපර භාග 03.54 ට රතු සහ කහ මිශ්‍ර (තඹ පැහැති) වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා සියලු වැඩ අල්ලා ගණුදෙනු කොට ආහාර අනුභවය මැනවි .

හිසතෙල් ගෑම

අප්‍රේල් මස 17 වෙනි බදාදා දින පුරවා භාග 07 .40 ට නැගෙනහිර දිශාව බලා හිසට කොහොබ පත් ද,පයට කොළොන් පත් ද තබා පලාවන් පැහැති වස්ත්‍රාභාරණයෙන් සැරසී කොහොඹ පත් මිශ්‍ර නානු ද,තෙල් ද ගා ස්නානය කරනු මැනවි .

රැකි රක්ෂා සදහා පිටත්ව යාම

අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා දින පලාවන් පැහැති වස්ත්‍රාභාරණයෙන් සැරසී හකුරු සහ තල මෝරු මිශ්‍ර කිරිබත් අනුභව කර පුර්ව භාග 04 .52 ට නැගෙනහිර දිශාව බලා පිටත් වීම මැනවි .

උදාවීමට නියමිත සිංහල හා හින්දු අලුත් අවුරුද්ද ඔබ සියලු දෙනාටම සතුට සාමය සපිරි,කිරියෙන් පැණියෙන් ඉතිරෙන වාසනාවන්ත සුභම සුභ ශ්‍රී නව වසරක් වේවා කියල රට වටා අපි හිත සිතින් ප්‍රර්ථනා කරමු .

එමෙන්ම උත්සවාශ්‍රීයෙන් සංවිධානය කරනු ලබන ඔබේ අලුත් අවුරුදු උත්සවයේ ශුවිශේෂී අමරණීය මතක රටවටා හිතවතුන් වෙත බෙදා හරින්න රටවටා අපි සූදානම්. හැකි ඉක්මනින් ඔබේ දිනය වෙන්කරවා ගන්න. ඔබේ දැන්වීම නොමිලේ අපගේ වෙබ් අඩවිලේ ඵල කරවාගන්න. 

අමතන්න – 081-2220338 හා 077-0125290 

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept