Ratawata News
News web site

මහනුවර සොයිසා පටුමගේ ගින්නක් (Video සහිතයි)

තෙරුණි ද සිල්වා

236

ඊයේ රාත්‍රීයේ මහනුවර සොයිසා පටුමගේ වෙළඳසැලක ගින්නක් හටගෙන තිබේ.

ගින්නෙන් වෙළඳ සැලට බරපතල හානි සිදුවී ඇති බව වාර්තා වේ.

එහිදී ප්‍රදේශවාසීන් හා පොලීසිය මෙන්ම ගිණිනිවන හමුදාව විසින් ගින්න පාලනය කර තිබේ.

මෙලෙස ගින්න ඇති වී ඇත්තේ පුවත්පත් අලෙවිසැලක බවත් මෙතෙක් ගින්නට හේතුව අනාවරණය වී නොමැති බවද වාර්තා වේ.

අධික උෂ්නත්වය හෝ ඇතමෙක්ගේ නොමනා ක්‍රියාකලාපයක් ගින්නට බලපෑ හැකියැයි ප්‍රදේශවාසීන් ප්‍රකාශ කරයි.

වැඩිදුර විමර්ෂන ක්‍රියාත්මක වෙමින් පවතී.

ගින්නෙන් කිසිවෙකුට හානි සිදුවී නොමැත අතර පාඩුව මෙතෙක් ගණනය කර නොමැත.

ඡායාරූප – ‍මුහුණු පොතේ මිතුරෙක් විසින්

රූපගත කිරීම – හේරත් ඒකනායක – මහනුවර

 

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept