Ratawata News
News web site

සේවකයන් පිළිබඳ සැලකිලිමත්වන්න

183

නිවසක වැඩ කිරීම සඳහා පැමිණි තිදරු මවක් එම නිවසේ වැඩට පැමිණි පළමු දවසේම නිවසේ  තිබූ රුපියල් දෙලක්ෂ හැට පන්දහසක් වටිනා රන් මාලයක් සොරා ගෙන  ඇති බව වාර්තා වේ.

අකුරණ බුළුකොහොතැන්න ප්‍රදේශයේදී මෙම සිදුවීම වාර්තා වේ. 

මෙම කාන්තාව මෙම නිවසට පසුගිය 21 වදා පැමිණ ඇති අතර එදින වැඩ කිරීමෙන් පසුව නිවසින් පිටව ගොස් තිබේ. 

රන් මාලය අල්මාරිය තුල පරීක්ෂා කිරීමේදී එම මාලය නොමැති බව දැක ඒ සම්බන්ධයෙන් පොලීසියට පැමිණිලි කිරීමෙන් පසුව නිවසේ වැඩ කළ මෙම කාන්තාව ගෙන්වා විභාග කිරීමේදී රන් මාලය මාතලේ ප්‍රදේශයේ උකස් මධ්‍යස්ථානයකට රුපියල් එක් ලක්ෂ තිස් පන්දහසකට උකස් කර තිබියදී පොලීසිය විසින්  මේ වන විට සොයා ගෙන ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් අත්  අඩංගුවට ගත් සැකකාර කාන්තාව මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 27 වනදා දක්වා රක්ෂීත බන්ධනාගාර ගත කරනු ලැබ තිබේ.

අලවතුගොඩ පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩි දුර පරීක්ෂණ පවත්වයි.

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept