Ratawata News
News web site

අද තරගය ගෞරවය බේරාගැනීමට

269

සංචාරක ශ්‍රී ලංකා කාණ්ඩයම සහ දකුණු අප්‍රිකා කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේ සිවුවන තරගය අද (13) පොර්ට් එලිසබත් හීදී  පැවැත්වේ.

තරගය මෙරට වේලාවෙන් පස්වරු 4.30 ට ආරම්භ වීමට නියමිතයි.

තරගාවලියේ පළමු තරග තුනම ජයගත් දකුණු අප්‍රිකා පිල මේ වනවිටත් තරගාවලියේ ජය තමන් සතුකරගෙන තිබේ.

එබැවින් ශ්‍රී ලංකා කණ්ඩායම තම ගෞරවය රැක ගැනීමට සහ ඉදිරියේදී ආරම්භ වීමට නියමිත එක්දින ලෝක කුසලාන තරගාවලිය සදහා කණ්ඩායම තීරණය කිරීමට මෙම අවසන් තරග දෙක යොදාගනු ඇත.

උපුල් තරංග ආරම්භක පිතිකරු ලෙස මෙම තරගයේදී ක්‍රීඩා කරනු ඇති අතර කඩුලු රැකීමේ වගකීම කුසල් මෙන්ඩිස්හට භාරවනු ඇත .

අබාධයකට ලක්වී සිටින කුසල් පෙරේරා මේ තරගයට ක්‍රීඩා කරන්නේ නැත.

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept