Ratawata News
News web site

සිරිපා කරුණාකර පහළට බසිද්දි විගණක සහකාර මියයයි

189

බදුල්ල දිස්ත්‍රික්  සමෘද්ධි සංවර්ධන  කාර්යාලයේ  අභ්‍යන්තර විගණක සහකාර   රංජිත් ධර්මකීර්ති මහතා  සිරිපා වන්දනාවේ ගොස් සිටියදී   (10) රාත්‍රී හෘදයාබාධයකින් මියගොස් තිබේ

සේවා ස්ථානයේ  කාර්යමණ්ලයේ හා පවුල්වල ඥාතින් ඇතුලු 45 දෙනෙකුගෙන් පමණ වු නඩයක් සමග ධර්මකීර්ති මහතා මෙම වන්දනා ගමනට සහභාගි වී ඇත්.

සිරිපා වන්දනාකිරිමෙන් පසු  ධර්මකීර්ති මහතා  බිරිද දරු දෙදෙනා සහ නඩයේ පිරිසක් පහළට ගමන් කරමින් සිටියදී  මේ විපත සිදුවූ බව  ද විජය බණ්ඩාර මහතා ප්‍රකාශ කරයි.

හදිසි මරණපරීක්ෂනය මස්කෙලිය  මූලික රෝහලේදී සිදුකිරමෙන් පසු   දේහය බිරිදට බාර දී ඇත.

මරණකරු කාලයක සිට හෘදයා බාධය සදහා වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටි බව හදිසි මරණ පරීක්ෂණයේදි අනාවරණය වූ බවද පොලිසිය සදහන් කරයි  

 

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept