Ratawata News
News web site

රනිල් වික්‍රමසිංහ අගමැති ධුරයේ දිවුරුම් දෙයි

143

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද (16) පෙරවරුවේ අගමැති ධුරයේ දිවුරුම් දුන්නා. පෙරවරු 11.16ට පමණ දිවුරුම්දීම සිදු කර තිබෙන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේදී ජනාධිපති ලේකම් කාර්යාලයේදීයි. ඒ මහතා මෙවර අගමැති ධුරයේ දිවුරුම් දුන්නේ පස්වන වරටයි. 

මීට පෙර 1993 වසරේ සිට 1994 දක්වාත් 2001 වසරේ සිට 2004 වසර දක්වාත් අගමැති ධුරය හෙබවූ රනිල් වික්‍රමසිංහ මහතා 2015 ජනපතිවරණයෙන් පසුවද අගමැති වරයා ලෙස කටයුතු කරනු ලැබුවා. එසේම 2015 වසරේ පැවැති මහ මැතිවරණයෙන් ජය ගැනීමෙන් පසුව යළිත අගමැතිවරයා ලෙස තේරී පත්වූයේ රනිල් වික්‍රමසිංහ මහතායි. 

මේ අතර පසුගිය ඔක්තෝබර් මස 26 වනදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයෙන් ඉවත් කරනු ලැබූ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එම තනතුරට පත්වූවා. කෙසේ වෙතත් ඊයේ (15) මහින්ද රාජපක්ෂ මහතා තනතුරෙන් ඉල්ලා අස්වීමත් සමග එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද (16) යළිත් අගමැති ධුරයේ දිවුරුම් දුන්නා. 
මේ අතර මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් අකිල විරාජ් කාරියවසම් මහතා කියා සිටියේ හෙට (17) සවස 1ට ජයග්‍රහණය සැමරීමේ උත්සවයක් කොළඹ ගාලු මුවදොර පිටියේදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇති බවයි. 

 

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept