Ratawata News
News web site

ගුරු සිසුන් රැගත් බස් රථය අනතුරට

190

ගුරු විද්‍යාලයක සිසුන් පිරිසක් රැගත් බස් රථයක් පහල කඩුගන්නාව, අම්බලම ප්‍රදේශයේදී අනතුරකට ලක්වී තිබේ.

මෙම අනතුරින් එක් අයෙකු මියගොස් තවත් 35දෙනෙකුට අධික පිරිසක් තුවාල ලබා තිබේ.

මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ අක්කරේපත්තුව, අට්ටාලච්චේන ප්‍රදේශයේ ගුරු විද්‍යාලය සිසුන් පිරිසක් අලුත්ගම ප්‍රදේශයේ අධ්‍යාපන චාරිකාවක් යමින් සිටියදී ඔවුන් ගමන් ගත් බස් රථය මාර්ගයේ පෙරළීයාමෙනි. 

අනතුර සිදුවන අවස්ථාවේ ගුරු  සිසුවියන් 50 දෙනෙකු එහි සිට ඇති අතර ඉන් 35 ත් 40ත් අතර පිරිසක් තුවාල ලබා ඇති බව වාර්තා වේ.

තුවාල ලැබූ සිසුන් මාවනැල්ල සහ මහනුවර යන රෝහල් වලට ඇතුළත් කර ඇති අතර මහනුවර රෝහලට ඇතුළත් කළ එක් පුද්ගලයෙකු මියගොස් තිබේ.

මියගොස් ඇත්තේ අක්කරේපත්තුව ප්‍රදේශයේ පදිංචිව සිටි 32 හැවිරිදි අයෙකු වන බස් රථයේ රිය සහයක බව පොලීසිය සඳහන් කරයි.

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept