Ratawata News
News web site

2019 අයවැය හෙට පාර්ලිමේන්තුවට

232

2019 වර්ෂය සඳහා වන අයවැය යෝජනා හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි.

පස්වරු 2ට අමාත්‍ය මංගල සමරවීර මහතා අයවැය යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමට නියමිතව ඇති බව වාර්තා වේ.

ඒ අනුව 2019 වසර සඳහා ඇස්තමේන්තු කර ඇති සමස්ථ රාජ්‍ය වියදම වනුයේ රුපියල් බිලියන 4470කි.  

අයවැය පරතරය දළ දේශීය නිෂ්පාදිතයෙන් 4.8%ක් බවෙ මුදල් අමාත්‍යංශය පෙන්වා දෙයි.

2014 වසරේදි දළ දේශිය නිෂ්පාදිතයෙන් 11.5%ක් ලෙස පැවති රාජ්‍ය ආදායම මේ වනවිට ක‍්‍රමයෙන් වැඩි වී තිබෙන බව දැකගත හැකිය.

එය මේ වසරේ 15%ක මට්ටමකට ළඟාවනු ඇති බවට විශ්වාසයක් පවතින අතර වැඩිම මුදලක් වෙන්කර ඇත්තේ ණය සේවාකරණය වෙනුවෙන්වේ. එය රුපියල් බිලියන 2200කි.  

ඉතිහාසයේ රජයක් වසරකදී ණය ගෙවීම සඳහා වැයකරන විශාලතම මුදල ද මෙයයි.

 

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept