Ratawata News
News web site

ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු පන්දු ක්‍රිඩක සුරංග ලක්මාල්ට වතු කම්කරුවන්ගෙන් උණුසුම් පිලිගැනිමක්

204

ශ්‍රි ලංකා ක්‍රිකට්  කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රිඩක සුරංග ලක්මාල්ව බගවන්තලාව ප්‍රදේශයේ වතු කම්කරුවන් හා තරුණයන් විසින් ඊයේ (03) උණුසුම් අයුරින් පිලිගනු ලැබුවා.

මෙලෙස පිිලිගැනීමට ලක් වූයේ බගවන්තලාව සෙන් මේරිස් විදුහලට වසර 100 සපිරිම නිමිත්තෙන් එම විදුහලේ ආදි ශිෂ්‍ය ශිෂ්‍යාවන් විසින් සංවිධානය කර තිබු සැහැල්ලු පන්දු ක්‍රිකට් ක්‍රිඩාවලියේ සමාරම්භක උත්සවයට ප්‍රධාන ආරාධිතයා වශයෙන් සුරංග ලක්මාල් මහතා ඊයේ සහභාගි වූ අවස්ථාවේදීය.

වතු කම්කරුවන් සහ වතුකරයේ තරුණයන් විසින් පිලිගෙන පෙලපාලියක් මගින් සෙන් මේරිස් විදුහල දක්වා කැදවාගෙන ගොස් එහිදි ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායමට දක්වන දායකත්වය වෙනුවෙන් උපහාර පිදිමක් සිදු කරනු ලැබුවාග

එම අවස්තාවට හැටන් කලාප අධ්‍යාපන කාර්යයාලයේ උසස් නිලධාරින් රැසක් සහභාගි වි සිටි බව වාර්තා වේ.

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept