Ratawata News
News web site

නීති විරෝධිව පවත්වාගෙන ගිය පස් ජාවාරමක් වටලයි

වවුනියාව - මාධව කුලසූරිය

220

වවුනියාව,ඉරට්ටපෙරියකුලම,ගල්කන්ද ප්‍රදේශයේ බලපත් රහිතව පවත්වාගෙන ගිය  පස් කැපීමේ ජාවාරමක් වටලයි.

මෙම වැටලීමෙන් සැකකරුවන් දෙදෙනෙකු ඊයේ(25) වවුනියාව පොලිස් විශේෂ කාර්ය බළකා නිළධාරීන් අත්අඩංගුවට ගෙන ඇති බව වවුනියාව පොලිසිය පවසයි.

මෙහිදී බලපත් නොමැතිව පස් කැපීමේ නිරතවු සැකකරුවන් දෙදෙනා සමඟ ටිපර් රථයක් හා පස් කැපීමට යොදාගත් බැකෝ යන්ත්‍රයක්ද අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

සැකකරුවන් දෙදෙනා ඉර‍ට්ටපෙරියකුලම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 23 හා 32 ක් වන සැකකරුවන් දෙදෙනෙකු එලෙස අත්අඩංගුවට ගෙන ඇති බවද පොලිසිය පැවසූහ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අද(26) වවුනියාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර,සිද්ධිය සම්බන්ධයෙන් වවුනියාව පොලිස් විශේෂ කාර්ය බළකා නිළධාරීන් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept