Ratawata News
News web site

අසරන මවක් සහ දියණියක් ජීවත් වූ නිවසක් ගිනිගෙන විනාශයි

නිවසක් තනා දීමට හෝ පොත් පත් ලබා දීමට රටවටා සමඟ සහභාගි වීමට කැමැත්තක් දක්වන්නේ නම් අපිව අමතන්න - 075-9650656

226

තණමල්විල ප්‍රාදේශීය ලේකම් කොඨ්ඨාශ කිවුල්ආර ග්‍රාම නිලධාරී වසමේ පදිංචි මවක් සහ කුඩා දියණියක් ජීවත් වූ නිවසක් ඊයේ රාත්‍රි ගිනිගෙන සම්පූර්ණයෙන්ම විනාශ වී තිබේ.

පියා මොවුන් අතහැර ගොස් ඇති අතර එම නිසා අවුරුදු හයක් වන කුඩා දියණිය සහ එම කාන්තාව මෙම නිවසේ  ජීවත් වී තිබේ.

ඊයේ රාත්‍රි ඔවුන් අසල නිවසක් වෙත ගොස් ඇති අතර එම නිවසේ විදුලි බලයද නොමැති නිසා කුප්පි ලාම්පුව දල්වා අනෙක් නිවස වෙත ගොස් තිබෙන අතර නිවසෙහි තිබූ  ලාම්පුව පෙරලී යෑමත් සමග නිවසට ගිනි ඇවීලී ඇති අතර නිවස මුළුමනින්ම විනාශ වී ඇත. 

ඇදගෙන සිටි ඇදුම හැරුණුවිට කිසිදු දෙයක් මෙම අසරන පවුලට ඉතිරි වී නොමැත.එම නිසා දියණියගේ පාසල් උපකරණ සහ ඔවුන්ට නිවසක් තනා දීමට කවුරුන් හෝ ඉදිරිපත් වනවානම් එය මහා පුණ්‍යකර්මයකි.

රටවටා පුවත් සමඟ එක්ව ඔබත් මෙම පුන්‍යකර්මයට සහභාගි වීමට කැමැත්තක් දක්වන්නේ නම් අපිව අමතන්න – 075-9650656

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept