Ratawata News
News web site

නාඋල – අඹන ගොවීහු තුන් පැත්තකින් බැට කති

නාඋල - ඉන්දික අරුණ කුමාර

231

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට වැඩිම එළවලු තොග සපයන නාඋල – අඹන වෙල්යායේ වගාවන්ට වැළඳි ඇති රෝගී තත්ත්වයක් හා වන අලි හේතුවෙන් ගොවි පවුල් රැසක් අන්ත අසරණ වී ඇතැයි ගොවිහු ප්‍රකාශ කරති.

වී වගාවට අමතරව වගාර ඇති වැටකොලු සහ ගෝවා වගාවන් රැසක් මේ වන විට විනාශ වී ඇතැයි වාර්තා වේ.

එමෙන්ම මේ වන විට වන අලි තර්ජන ද පවතින බව කියා සිටින ගොව්න් අවධාරණය කළේ වන අලි පලවා හැරිම සදහා වනජීවි දෙපාර්ථමේන්තුවේ නිලධාරින් පියවර නොගන්නා බවටද ඇතැමෙක් චෝදනා කරයි.

පසුගිය දින කිහිපයේ පමණක් වන අලි හේතුවෙන් පුද්ගලයින් කිහිපදෙනෙක් දිවි ගලවා ගෙන ඇත්තේ ඉතා අසීරුවෙන් බව ද වාර්තා වේ.

මේ වන විටත් කුඹුරු වල අස්වැන්න නෙලා ගැනීමට ආසන්නව පවතින වී වගාවන් වන අලි හේතුවෙන් දැඩි අනාරක්ෂිත තත්ත්වයට පත්ව ඇතැයි ද අඹන ගොවි සංවිධානයේ ගොවීන් කියා සිටියේය.

 

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept