Ratawata News
News web site

බෞද්ධ කොඩියට අවුරුදු 134

286

1885 පෙබරවාරි 14 දින බෞද්ධ කොඩිය නිර්මාණය කරන ලද්දක් බව පැරණි වාර්තා පවසයි. 

අතීතයේ ජන සමාජයට බුදු දහම භික්ෂුන් වහන්සේලා හා පන්සල යන ත්‍රිවිධ සංකල්පය ජන සමාජය හා දැඩිව බැඳී තිබුණි.

අද දක්වා පැවත එන රාජ්‍ය පාලකයා බෞද්ධාගමිකයෙක් විය යුතු වීම එකල සිට පැවත එන සම්ප්‍රදායකි.

බෞද්ධ ශාසනයේ, බෞද්ධ සංස්කෘතියේ, බෞද්ධ චින්තනයේත් පැවැත්ම උදෙසා 1885 පෙබරවාරි 14 දින බෞද්ධ කොඩිය නිර්මාණය කෙරුනු බවට වාර්තා ඇත.

ෂඩ් වර්ණයෙන් යුතු බෞද්ධ කොඩියක් ඉතිහාසයේ ප්‍රථම වතාවට ඔසවනු ලැබුවේ 1885 අප්‍රේල් මස 28 වන දිනය

කෙසේ වෙතත් ෂඩ් වර්ණයෙන් හෙබි බෞද්ධ ධ්වජයේ නිර්මාණෘවරයා පිළිබඳ මත භේද පවතියි. කොඩිය පිළිබඳ ප්‍රථමවතාවට කරුණු ප්‍රසිද්ධ කළ සරසවි සඳරැස පත්‍රයේ හෝ ඒ කාලයේ පළ වූ වෙනත් වාර්තාවක හෝ බෞද්ධ කොඩියේ නිර්මාතෘවරයා පිළිබඳ සඳහන් කිරීමක් නොමැති බවට තොරතුරු වාරත් වන අතර දස දෙනෙකුගෙන් සමන්විත ඉහත දැක් වූ වෙසක් උත්සව කමිටුවේ උතුමන්ගේ අදහස් හා සැලසුම්වල සමෝධානයෙන් ෂඩ් වර්ණයෙන් සුසැදි කොඩිය නිර්මාණය කොට සම්මත වී ඇත. ඒ අනුව දශවර්ගික වෙසක් උත්සව කමිටුවට ම ෂඩ් වර්ණයෙන් යුත් බෞද්ධ කොඩියේ නිර්මාතෘවය හිමිවන්නේ යැයි නිගමනය කිරීම යුක්ති යුක්ත වන්නේ ය 

පැරණි තොරතුරු වල අදට ජාතික කොඩිය නිර්මාණයට වසර 134ක් යැයි පැවසුවද නිවැරදි අර්ථකතනයක් හෝ නිවැරදි දිනයක් පැහැදිලිව සොයාගත නොහැකිය.

ඒ පිළිබඳ සොයා බැලීමට හෝ අදහස් දැක්වීමට විවෘතයි…….

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept