Ratawata News
News web site

ගුරු විරෝධතාවය

අම්බලන්තොට - අජිත් පුෂ්පකුමාර

227

සිසුවෙකුට ගුරුවරියක විසින් දඩුවම් කිරීම සම්බන්දයෙන් අදිකරණයෙන් ගුරුවරිය වැරදිකරු කර දඩුවම් ලබාදීම  හා ගුරුවරුන්ට විවිධ පාර්ශවයන්ගෙන් දිගින් දිගටම  සිදුවන අත්තනෝමතික ක්‍රියාවන්ට විරෝධය පළකරමින් ඊයේ (13) පෙරවරුවේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ පාසල් ගුරුවරු අම්බලන්තොට නගරයේදී විරෝධතාවයක නියැළුණි.

 සමස්ත ලංකා ගුරු සංගමය විසින් මෙම විරෝධතාවය සංවිධානය කර තිබනු බව වාර්තා වේ.

මෙම විරෝධතා රැලිය සදහා හම්බන්තොට දිස්ත්‍රික්කයේ සාම පාසලක්ම නියෝජනය  වන අයුරින් ගුරුවරුන්  50කට අධික සංක්‍යාවක් සහභාගී වූහ.

විරෝධතාවයට සහභාගී වූ ගුරුවරුන් පවසා සිටියේ  වැරදි මාර්ගයක ගමන්කරන දරුවෙකු යහමගට ගැනීමට ගුරුවරයෙක් දඩුවමක් කලාම එම ගුරුවරයාට සිරගෙය අත්වෙනවානම් මින්පසු කිසිදු ගුරුවරයෙක් දරුවන්ට පොතේ පතේ දැනුම  හැර වෙන කිසිවක් ඉගැන්වීමට මින් මතුවට කටයුතු නොකරනා බවයි.

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept