Business is booming.

දුර ගමන් බස් නවත්වන ආපන ශාලා පරීක්ෂාවට දිස්ත්‍රික් කමිටු

0 94

දුර ගමන් සේවා බස් රථ නවත්වන සියලුම ආපන ශාලා අඛණ්ඩව පරීක්ෂා කර බැලීමට දිස්ත්‍රික්ක වශයෙන් 05 දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත්කරන බව ආහාර පාලන ඒකකයේ සහකාර අධ්‍යක්ෂ ජේ.කේ. ජයසිංහ මහතා පවසනවා. 
අදාළ ස්ථාන පරීක්ෂා කර වරදක් තිබෙනවා නම් එය නිවැරදි කරගැනීමට අවශ්‍ය උපදෙස් හා සහයෝගය ලබාදෙන බවත්, දිගින් දිගටම එකම වරද සිදු කරනවා නම් නීති මගින් කටයුතු කිරීමට තීරණය කර තිබෙන බවත් එම ඒකකයේ සහකාර අධ්‍යක්ෂ ජේ.කේ. ජයසිංහ මහතා  කියා සිටියා. 
දුර ගමන් සේවා බස් රථ නවත්වන ආපන ශාලා පරීක්ෂා කිරීමට 05 දෙනෙකුගෙන් යත් කමිටු පත් කරන ලෙසට පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන්ට හා දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන්ට ආහාර බලධාරියා වන සෞඛ්‍ය ‘සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් උපදෙස් නිකුත් කර තිබෙන බවද ඔහු පවසා සිටියේ.
දිස්ත්‍රික් ආහාර හා ඖෂධ පරීක්ෂක, දිස්ත්‍රික්කයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා, දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය අධ්‍යාපන නිලධාරීවරයා, ප්‍රදේශයේ ප්‍රාදේශිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියා හා ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා ඇතුළත් කර මෙම කමිටුව සකස් කළ යුතු බවත්, මීට අමතරව අදාළ ප්‍රදේශවල බලධාරීන්ගේ කැමැත්ත මත විශේෂඥ දැනුමැති පිරිස් ඇතුළත් කරගත හැකි බවත්, එහෙත් අදාළ කමිටුවට මෙම නිලධාරීන් 05 දෙනා අනිවාර්යයෙන්ම ඇතුළත් විය යුතු බවත් හෙතෙම කියා සිටියා.

Comments
Loading...