Ratawata News
News web site

පිලිපීනයේ සරම්ප පැතිරෙයි

බී.බී.සී පුවත්

237

මැනිලා නුවර ඇතුළුව පිලිපීනයේ බොහෝ ප්‍රදේශවල සරම්ප රෝගය වසංගතයක් ලෙස ව්‍යාප්ත වේ.

ජනවාරි මාසය තුළදී රෝගින් 1813ක් හා මරණ 26ක් වාර්තා වී ඇති අතර මෙය 2018ට වර්ෂයට වඩා  74%වැඩිවීමක් බව බලධාරීහු ප්‍රකාශ කරති.

කැස්ස හා කිවිසීම මගින් බෝවන රෝගයක් වන සරම්ප ළමයින්ට හා ළදරුවන්ට මාරාන්තික රෝගයකි.

මැනිලා හා ලූසන් නගර වලට පනවා තිබූ වසංගත තත්ත්වය පිලිපීනයේ අනෙක් ප්‍රදේශ කරා දීර්ඝ කිරීමට බලධාරීන්ට සිදුවූයේ රෝගීන් වාර්තා වීම වැඩි වූ හෙයිනි.

ප්‍රතිශක්තීකරණ ක්‍රියාදාමයක් පවත්වාගෙන යන නමුත් දරුවන් මිලියන 2.4ක් එන්නත් ලබාගෙන නැතැයි සෞඛ්‍ය බලධාරීහු වාර්තා කරති

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept