Ratawata News
News web site

විදුලි සෝපානය අක්‍රියවීම ගැන කතානායකවරයාගේ අවධානයට

පාර්ලිමේන්තුව යළි රැස්වෙයි

172

සභාවේ කටයුතු ආරම්භවීමෙන් පසුව විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් ගමන්ගනිමින් තිබූ විදුලි සෝපානය අක්‍රීය වීම සම්බන්ධයෙන් මන්ත්‍රීවරු කතානායකවරයාගේ අවධානයට යොමු කරනු ලැබුවා.

එහිදී මන්ත්‍රීවරුන් කතානායකවරයාගෙන් ඉල්ලා සිටියේ මන්ත්‍රීවරුන්ගේ ජීවිත සම්බන්ධයෙන් සැලකිලිමත් වන ලෙසයි. 

මන්ත්‍රීවරුන්ගේ රක්ෂණය ප්‍රමාණවත් නොවන බවත් අලුත් සෝපානයක් අවශ්‍ය බවත් මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් කළ යුතු බවත් සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසනවා. එසේ ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ විදුලි සෝපානය සම්බන්ධ සිද්ධිය බරපතල ප්‍රශ්නයක් බවත් ඒ සම්බන්ධයෙන් කණගාටුව පළ කරන බවයි.

අදාළ සමාගම් කැඳවා මේ සම්බන්ධයෙන් සොයා බලන බව කතානායක කරු ජයසූරිය මහතා ප්‍රතිචාර දක්වමින් කියා සිටියා.  

අමාත්‍ය රවී කරුණානායක මහතා කියා සිටියේ විදුලි සෝපාන තාක්ෂණ ඇගයීම් පිළිබඳ යෝජනාවක් කැබිනට් මණ්ඩලය දැනුවත් කරන බවයි. එය පාර්ලිමේන්තුවෙන් ම පටන් ගන්නා බවද අමාත්‍යවරයා අද පාර්ලිමේන්තුවේදී කියා සිටියා. 

විදුලි සෝපාන පාර්ලිමේන්තුව නැරඹීමට පැමිණෙන පාසල් දරුවන්ද භාවිතා කරන බැවින් විදුලි සෝපාන යථා තත්ත්වයට පත් කරන තෙක් එය භාවිතා කිරීමෙන් වළකින ලෙස දැන්වීමක් පළ කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා කතානායකවරයා ගෙන් ඉල්ලා සිටියා.

මේ අතර තාවකාලිකව කල් තැබුණු පාර්ලිමේන්තු සැසි වාරය විනාඩි 10කට පසුව යළි ආරම්භ කෙරුණා. 

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept