Ratawata News
News web site

හෙද වර්ජනයක්

යාපනය - මාධව කුලසූරිය

246

යාපනය රෝහල් හෙද නිළධාරීන් හා නිළධාරිනියන් අද(05) උදැසන සේවයෙන් බැහැරව සංකේත වැඩ වර්ජනයක නිරතවිය.

රෝහලේ හදිසි අනතුරු ඒකකයේ සේවය කළ හෙද නිළධාරීන් සම්බන්ධයෙන් වන අසත්‍ය ප්‍රචාරයක් සම්බන්ධයෙන් සමස්ත රෝහල් හෙද සේවය වෙත චෝදනා එල්ලවීම නිවැරදි කරන ලෙසට වැඩ වර්ජනයට එක්වූවන් ඉල්ලා සිටියහ.

වැරදිකරුවන් වහා හෙළිකරන ලෙසට රෝහල් පරිපාලනයෙන් ඉල්ලීම් කරමින් අදාළ පිරිස වැඩ වර්ජනයේ නිරතවිණ.

වැඩ වර්ජනයට එක්වුවන් පැවසූවේ නොමනා හැසිරීම සම්බන්ධයෙන් වන ක්‍රියාව සම්බන්ධයෙන් යාපනය රෝහල් පරිපාලනය අභ්‍යන්තර පරීක්ෂණයක් පවත්වා අදාළ නිළධාරීන්ට විරුද්ධව කටයුතු කළ යුතු බවයි.

විරෝධතාවය වෙනුවෙන් රෝහල් හෙද නිළධාරි සංගමයේ ‍නියෝජිතයින් එක්ව සිටියහ.

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept