Ratawata News
News web site

හෙරොයින් හා ජංගම දුරකථන සමඟ පුද්ගලයින් අත්අඩංගුවට

176

2019.01.01 වන දින ඒ – 09 මාර්ගයේ පූතූර් කෝවිල අසල දුම්රිය මාර්ගය අසලදී අත්අඩංගුවට ගත් සැකකරුවන් 05 දෙනාගේ වැඩිදුර ප්‍රශ්න කිරීම් වලදී ඔවුන්ට රැකවරණය ලබා දීම සම්බන්ධයෙන් මීරිගම වේයන්ගොඩ යන  ප්‍රදේශයන් වලදී 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් සන්තකයේ තිබී ජංගම දුරකථන 14ක් , හෙරොයින් ග්‍රෑම් 402 මිලිග්‍රෑම් 120ක් සොයාගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් මීරිගම, රාජගිරිය, වව්නියාව, පූලියන්කුලම හා වේයන්ගොඩ ප්‍රදේශවල පදිංචි 28, 32, 46, 26, 35 යන වයස් වල පසුවන අය වේ. 

මෙම සැකකරුවන් වැඩිදුර පරීක්ෂණ සඳහා රදවා තබා ගැනිමේ නියෝග මත රඳවා ගෙන ඇති අතර වැඩිදුර පරීක්ෂණ කොළඹ අපරාධ පරීක්ෂණ මධ්‍යස්ථානය සිදු කරයි. 

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept