Ratawata News
News web site

කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවලට මිරිදිය ඉස්සන් පැටවුන් ලක්ෂ දෙකක් මුදා හැරේ

රංජිත් රාජපක්ෂ - හැටන්

266

ජලජ ජිවි වගා සංවර්ධන අධිකාරියේ නුවරඑලිය කාර්යයාලයේ නිලධාරින් විසින් කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවලට මිරිදිය ඉස්සන් පැටවුන් ලක්ෂ දෙකක් මුදා හැරිම ජාතික අද(01) සිදු කරනු ලැබුහ.

හම්බන්තොට කහද මොදර මිරිදිය මත්ස්‍යය අභිජනන මධ්‍යස්ථානයේ අභිජනනය කරන ලද ඉස්සන් පැටවුන් මෙසේ ජලාශ වලට මුදා හරිනු ලැබුවේ.

කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල ධිවරයන්ගේ අදායම් තත්ත්වය ඉහල දැමිමත් වතුකරයේ ජනතාවගේ පෝෂණ තත්ත්වය ඉහල දැමිම සදහාත්, වතුකරයේ ජනතාවට  අඩුමිලට මිරිදිය ඉස්සන් ලබාදිමේ අරමුණින්  මෙසේ ජලාශවලට ඉස්සන් පැටවුන් මුදා හරිනු ලැබු බවයි ජාතික ජලජ ජිවි වගා සංවර්ධන අධිකාරියේ නිලධාරින් කියා සිටිය.

 

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept