Business is booming.

2019 අයවැය ගල් අරක්කු අයවැයක්

පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය

0 202

ජනතාවට සහන රැසක් ලබා දෙන බවට මාස ගණනක් තිස්සේ සිට පාරම්බෑ අය වැය පාර්ලිමේන්තුවට ඊයේ දිනයේ ඉදිරිපත් කර අතර එම අයවැය මගින් ජනතාව වර්තමානයේ මුහුණ දෙන ගැටලු සදහා විසදුම් බලා දී නැති බව රංජිත් විතානගේ මහතා පවසයි.

අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල ගණන් පිළිබදව කිසිදු සදහනක් නොමැති මෙම අය වැයෙන් මුදල් ඇමතිවරයා සහන ලබා දී ඇත්තේ ගල් අරක්කු පරිභෝජනය කරනු ලබන පාරිභෝගිකයින්ට පමණක් බවත් ඒ අනුව අපට මුදල් ඇමතිවරයාගෙන් ඇසිය යුත්තේ මේ රටේ ජනතාවට තිබෙන එකම ගැටලුව ගල් අරක්කු මිල වැඩිවීම පමණක්ද යන්න බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපතිතුමන් විමසා සිටියි.

ඔහු විසින් අයවැයේ කරුණු රාශියක් විවේචනය කළ ඇති අතර ඒ අතර

අධිවේගී මාර්ග ගාස්තු වැඩි කිරීම 

දුප්පතාගේ වාහනය වන ත්‍රීරෝද රථ මිල හා කුඩා කාර් රථ සදහා පනවනු ලද බදු මුදල් යන කරුණු ප්‍රධාන විය.

පරිසරය සුරකීම සම්බන්ධයෙන් වන යෝජනාව පමණක් අර්ථාන්විත වන අතර අනෙක් සියලු යෝජනා පාරිභෝගිකයාට එතරම් වැදගත් වන බව එතුමන් විසින් පෙන්වා දෙයි. 

අවසාන වශයනේ ඔවුන් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිල අඩු කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස මුදල් ඇමතිවරයාගෙන් ඉල්ලා සිටිී. 

Comments
Loading...