Ratawata News
News web site

මොරගහකන්දේ ධිවරයින්ට මිලියන 05 ක් වටිනා ධිවර බෝට්ටු

නාවුල - ඉන්දික අරුණ කුමාර

290

ශ්‍රි ලංකා මහවැලි අධිකාරිය,ශ්‍රි ලංකා ජාතික ජලජීවි වගා සංවර්ධන අධිකාරිය හා ප්‍රාථමික කර්මාන්ත හා සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යංශය එක්ව ධිවර බෝට්ටු හා දැල් ඇතුළු ආම්පන්න බෙදා දීම මොරගහකන්ද ව්‍යාපෘති භුමීයේ දී සිදුකෙරිනි.

මේ වන විට මොරගහකන්ද ජලාශයට ලබාදී ඇති ධිවර බෝට්ටු ප්‍රමාණය 55 ක් වන අතර ඉදිරියේ දී තවත් ධිවර බෝට්ටු ලබාදීමට නියමිත බව ද හේමන්ත ජයසිංහ මහතා කියා සිටියේය.

බෝට්ටු ලබාදීමට අමතරව දිරිය ධිවර සමිතියේ සාමාජිකයින් 114 දෙනෙකුට මෙහෙයුම් බලපත්‍ර ලබාදීම ද සිදුකෙරිනි.

මොරගහකන්ද දිරිය ධිවර සංවිධානයට මේ වන විට අවශ්‍ය පුහුණුව මෙන්ම ආරක්ෂණ විධි ඇතුළු ප්‍රතිලාභ රැසක් මේ වන විටත් ලබාදී ඇති බව හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.

මෙම අවස්ථාව සදහා ප්‍රාථමික කර්මාන්ත හා සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යංශයේ සහකාර අධ්‍යක්ෂ නාලක ගුණරත්න,ජනාධිපති පෞද්ගලික ලේකම් මහින්ද රත්නායක,ශ්‍රි ලංකා ජාතික ජලජීවි වගා සංවර්ධන අධිකාරියේ මධ්‍යම පළාත් සහකාර අධ්‍යක්ෂ ඊ.එස්. වික්‍රමසිංහ,ප්‍රථමික කර්මාන්ත අමාත්‍යංශයේ උපදේශක හා ජලජීවි හා ධිවර ක්ෂේත්‍රය පිළිබද මහාචාර්ය ඩබ්ලිව්.එම්.ටී.බී.වන්නිනායක මහතා ඇතුළු රාජ්‍ය නිලධාරිහු රැසක් මොරගහකන්ද දිරිය ධිවර සංවිධානයේ නිලධාරි මඩුල්ල හා සාමාජිකයෝ රැසක් සහභාගී වී සිටියහ.

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept