Business is booming.

රංගන ශිල්පී රවීන්ද්‍ර යසස් රිය අනතුරකින් තුවාල ලබයි

0 176

බණ්ඩාරගම ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් ජනප්‍රිය රංගන ශිල්පී, පළාත් සභා මන්ත්‍රී රවීන්ද්‍ර යසස් මහතා තුවාල ලබා තිබෙනවා.

පොලිසිය කියා සිටියේ මන්ත්‍රීවරයා ගමන් කරමින් සිටි මෝටර් රථය මාර්ගයෙන් ඉවතට ඇදී යාමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.

අනතුරෙන් තුවාල ලැබූ ඒ මහතා රෝහල් ගත කර ඇති බවයි රටවටා පුවත් වාර්තාකරු කියා සිටියේ. 

රවීන්ද්‍ර යසස් මහතා පැදවූ මෝටර් රථය මාර්ගය අයිනේ වූ කුඹුක් ගසක හැපීමෙන් අනතුර සිදුව ඇති අතර අනතුරින් මෝටර් රථයට දැඩි හානි සිදුව ඇති බවයි පොලිසිය පවසන්නේ. 

පොලිසිය වැඩිදුරටත් කියා සිටියේ මන්ත්‍රීවරයාගේ බණ්ඩාරගම පිහිටි නිවස කරා ගමන් කරමින් සිටියදී මෙම අනතුර සිදුව ඇති බවයි. 

Comments
Loading...