Ratawata News
News web site

විදේශීය කාන්තාවන් දෙදෙනෙකු අත්අඩංගුවට

හැටන් - රංජිත් රාජපක්ෂ

243

මත්ද්‍රව්‍යය ලග තබාගෙන සිටි ජර්මන් ජාතික විදේශිය  කාන්තාවන් දෙදෙනෙකු  හැටන් පොලිස් කොට්ඨාශ දුෂණ මර්දන ඒකකයේ නිලධාරින් විසින් ඊයේ  (21) පස්වරුවේ සැකපිට අත්අඩංගුවට ගත් බව හැටන් පොලිසිය පැවසිය.

මෙම විදේශීය කාන්තාවන් දෙදෙනා දිවයිනේ සංචාරයකට පැමිණ කුලී රථයක ගමන් කරමින් සිටියදී හැටන් මල්ලිඅප්පුව ප්‍රදේශයේදී මෙම වැටලීම සිදු කළ සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

එක් සැකකාර කාන්තාවක් සන්තකයේ තිබූ මත්ද්‍රව්‍ය වලින් කොටසක් බිමට හැලූ බවත් අත්අඩංගුවට ගත් සැකකාර විදේශීය කාන්තාවන් දෙදෙනා හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

 

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept