Business is booming.

ලක්දිව සම්බුදු පාදස්පර්ශ වූ දුරුතු පුන් පොහොය අදයි

0 206

උදා වූ 2019 නව වසරේ පළමු පුර පසළොස්වක පොහොය වන දුරුතු පුර පසළොස්වක පොහොය අදට(20) යෙදී තිබෙනවා. දුරුතු පොහොය බෞද්ධ ජනතාවට අංශ කිහියකින් වැදගත් වනවා.

ලක්වාසීන් සියල්ලන්ටම දුරුතු පොහොය වැදගත් වන්නේ බුදු රජාණන් වහන්සේගේ පළමු ලංකා ගමන සිදුව තිබෙන්නේද අද වන් දුරුතු පුන් පොහෝ දිනකදීයි. 

ඒ බුද්ධත්වයෙන් නව වැනි මස දුරුතු පුර පසළොස්වක පොහෝ දිනකදී ලක්දිවට වැඩම කර ඇති බවයි ඉතිහාසයේ දැක්වෙන්නේ. ඒ උරුවෙල් දනව්වෙහි තුන්බෑ ජටිලයන් ප්‍රමුඛ දහසක් පිරිස දමනය කිරීමෙන් අනතුරුවයි.

එසේම බිම්බිසාර රජු විසින් බුදුන් වහන්සේ ඇතුළු මහ සඟරුවනට වේළුවනාරාමය පූජා කළේද දුරුතු පුන් පොහෝ දිනයකදී බවයි බෞද්ධ ඉතිහාසයේ දැක්වේ.

බුදු වහන්සේ ශ්‍රී ලංකාවේ බිම්තැන්නට නුදුරින් වූ මහවැලි ගඟ අසබඩ මිණිපේ නම් ස්ථානයට වැඩම කළ බව සඳහන් වනවා. බුදු වහන්සේ වැඩම කරන අවස්ථාවෙහි බිම්තැන්න හෙවත් මහියංගණයේ මහානාග නා උයනට යක්ෂ නාග ආදී පිරිස් රැස්ව සිටියහ.

මහානාග නම් වනෝද්‍යානයට රැස් වූ යක්ෂ නාග පිරිස එකිනෙකා සමග යුද වැදීමට සැරසී සිටි අවස්ථාවේ බුදු හිමියෝ එම ස්ථානයට වැඩම කොට ඍද්ධි ප්‍රාතිහාර්ය දක්වා ඔවුන් දමනය කළේද අදවන් දුරුතු පුන් පොහෝ දිනකදීයි.

එහිදී බුදුරදුන් සිදු කළ ධර්ම දේශනාව ශ්‍රවණය කළ සුමන සමන් දිව්‍යරාජයා සෝවාන් වූ බවද පැවසෙයි. එහිදී සුමන සමන් දෙවිඳුන් වන්දනාමාන කිරීමට බුදු රජාණන් වහන්සේගෙන් වන්දනාමන කිරීමට යමක් ඉල්ලීය.

එවිට බුදු රජාණන් වහන්සේ ශීර්ෂය පිරිමැද කේෂ ධාතු මිටක් සුමන සමන් දෙවිඳුන්ට ලබාදුන් බවයි ඉතිහාසයේ දැක්වෙන්නේ. සුමන සමන දෙවියන් එම කේෂ ධාතු ගෙන එම ස්ථානයේම නීලවර්ධන ගලින් දාගැබක් කරවා කේෂ ධාතු එහි තැන්පත් කරවූ බවද ශාසන ඉතිහාසයේ දැක්වෙයි. 

එම දාගැම රියන් හතක් උස් වූ අතර ලොව ඉදිකළ ප්‍රථම දාගැබ වීමත් බුදුන් වහන්සේ ජීවමාන සමයේම ඉදිකිරීමත් දෙවියන් විසින් කළ දා ගැබ වීමත් හේතුවෙන් ශ්‍රී ලාංකිකයන් මහත් අභිමානයකි.

දිවයිනේ සියලුම වෙහෙර විහාරස්ථානවල අද දිනයේදී දාන සීල භාවනා පුණ්‍යකර්මයන් සිදු කරනු ලබනවා. 

 

Comments
Loading...