Ratawata News
News web site

යාපනයේ කල්ලි ගැටුමකින් තිදෙනෙකුට තුවාල

මාධව කුලසූරිය - වවුනියාව

149

යාපනය, කන්කසන්තුරය ප්‍රධාන මාර්ගයේ නාච්චිමාර් කෝවිල පිහිටි ප්‍රදේශයේ ඊයේ (15) දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් තරුණයින් තිදෙනෙකු තුවාල ලබා ඇති බව යාපනය ආරක්ෂක අංශ පවසනවා.

යාපනය ආරක්ෂක අංශ පැවසූවේ දෙපිරිසක් අතර වු ගැටුමෙන් තරුණයින් තිදෙනෙකු තුවාල ලබා ඇති අතර, අයෙකුගේ ඇඟිලි වෙන්වන්නට කැපී ඇති බවයි.

තුවාලකරුවන් යාපනය රෝහලට ඇතුළත් කොට ඇති අතර යාපනය ප්‍රදේශයේ ක්‍රියාත්මක කල්ලි සාමාජිකයින් අතර ගැටුමක් මෙයට හේතුවී ඇති බවට ආරක්ෂක අංශ සැක පළකරනවා.

යාපනය ප්‍රදේශයේ ආවා කල්ලිය, වික්ටර් කල්ලිය, ධනුරොක් කල්ලිය හා අජිත් කල්ලිය වැනි කල්ලි රැසක් අතර දීර්ඝ කාලීනව ගැටුම් පවතින බවයි වාර්තා වන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් යාපනය පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.






 

 

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept