Ratawata News
News web site

පාසල් සිසුවෙකු දියේ ගිලී මරුට

රංජිත් රාජපක්ෂ - හැටන්

323

නාවලපිටිය ප්‍රදේශයේ උපකාරක පන්තියකට සහභාගී වීමට ගොස් මිතුරන් සමඟ මහවැලි ගඟෙ දිය නෑමට ගොස් මෙම සිසුවා දියේ ගිලී ජීිවිතක්ෂයට ඇති බව පොලීසිය පවසයි.

මහවැලි ගඟේ හයිපොට් ප්‍රදේශයේදී ගඟට බැස දිය නෑමට යාමේදී මෙලෙස තිදෙනෙකු ජලයේ ගිලී ඇති අතර අසල ඉඩමක ගොඩනැගිල්ලක් ඉදිකරමින් සිටි සේවකයන් පිරිසක් විසින් මේ අතුරින් දෙදෙනෙකු බේරා ගෙන ඇති අතර එක් සිසුවෙක් ජීීවිතක්ෂයට පත්ව ඇත.

මෙසේ මිය ගොස් ඇත්තේ ගිනිගත්හේන මධ්‍ය මහ විද්‍යාලයේ උසස් පෙළ හදාරමින් සිිටි හපුගස්තලාවේ පදිංචි රසාංජන ඉලංගකෝන් නැමැති 18 වන වියේ පසුවන සිසුවෙකි.

බේරා ගත් එක් සිසුවෙක් නාවලපිටිය මූලික රෝහලට ඇතුලත් කිරීමෙන් ප්‍රතිකාර ලබා ගැනීමෙන් පසුව මේ වන විට පිටව ගොස් ඇති බව සඳහන් වේ.

සිද්ධිය සම්බන්ධයෙන් නාවලපිටිය පොලීසිය වැඩිදුර පරීක්ෂණ ආරම්බ කර ඇත.

 

 

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept