Ratawata News
News web site

ත්‍රී රෝද රථ අනතුරක්

දෙදෙනෙකුට බරපතල තුවාල

276

ගිනිගත්හේන සිට නාවලපිටිය දක්වා අධික වේගයෙන් ධාවනය වූ ත්‍රීරෝද රථයක් අද (11) අලුයම 12.30 පමණ අනතුරට පත්ව ඇති බව ගිනිගත්හේන පොලිසීය ප්‍රකාශ කරයි.

අධික වේගය පාලනය කර ගැනීමට නොහැකිවීම මත බගතුලුව ප්‍රදේශයේදී මෙම අනතුර සිදු වී ඇති අතර ත්‍රීරෝද රථය මාර්ගයෙන් ඉවතට පැන බොක්කුවක් මතට පෙරලී ඇත.

එහිදී රියදුරා සහ ත්‍රීරෝද රථයේ ගමන් ගත් මගියෙකු බරපතල තුවාල ලබා නාවලපිටිය මූලික රෝහල වෙත ඇතුළත් කර ඇති බව වාර්තා වේ.

 

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept