Ratawata News
News web site

ලග්ගල නව හරිත නගරය ජනතා අයිතියට

ඉන්දික අරුණ කුමාර - නාඋල

360

අද පෙරවරුවේ ගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් හරිත නගරය ජනතා අයිතියට පත් කිරීම සිදු විය.

“මෛත්‍රී පාලනයක් – තිරසර යුගයක්” ආර්ථික හා සංස්කෘතික පුනරුදයේ පස් අවුරුදු පිවිසුම සනිටුහන් කරමින් උත්සවය පැවැතිණි.

මෙය මොරගහකන්ද කළුගඟ මහා ජලාශ ව්‍යාපෘතියේ තවත් අතුරු ප්‍රතිපලයක් ලෙස සඳහන් වෙයි.

මොරගහකන්ද කළුගඟ ව්‍යාපෘතියෙන් අවතැන් වන පවුල් 3000 ගේ සේවා අවශ්‍යතා සපුරාලමින් නව ලග්ගල නගරය ඉදි කර තිබේ.

නව නාගරික සංකල්පය වන උද්‍යාන නගර සංකල්පයට අනුව මෙම නගරය සැලසුම් කර ඇත.

මේ සඳහා ආයෝජනය කර ඇති මුදල රුපියල් මිලියන හාරදහස් පන්සියයක් පමණ වන බව වාර්තා වෙයි.

නව ලග්ගල නගරයේ රාජ්‍ය ආයතන 26 ක් සඳහා ගොඩනැගිලි ඉදි කර ඇත.

එමෙන්ම නව ලග්ගල රෝහල සහ ද්විතියික පාසල හෙට දිනයේ ජනතා අයිතියට පැවරීම සිදු කළුගඟ ජලාශයේ ධාරිතාව අක්කර අඩි ලක්ෂ දෙකක් පමණ වන බව වාර්තා වෙයි.


Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept