Ratawata News
News web site

මැලේසියාවේ පස්වැනි සුල්තාන් මුහමද් රජු තම කිරුල අත් හරියි.

339

මැලේසියාවේ පස්වැනි සුල්තාන් මුහමද් රජු තම කිරුල අත් හරියි.
එක්සත් රාජධානියට යටත්ව පැවති මැලෙසියාව මීට වසර හැටකට පෙර නිදහස ලබා ගත් රාජ්‍යයකි.
එතැන් සිට මේ දක්වා කිසිවෙකු මෙලෙස රජ කිරුල අතහැර දමා ගොස් නැති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මේ සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් මෙතෙක් රජමාලිගය නිවේදනය කර නොමැත.
එහෙත් ඔහු රුසියානු තරුණියක හා විවාහ වීම හේතුවෙන් මෙම තිරණයට එළඹ ඇතැයි විදෙස් මාධ්‍ය  වාර්තා පවසයි.
ඔක්සානා වොයෙවොදිනා නම් වන ඇය විසි පස් වන වියේ පසු වන අතර ඇය සමඟ විවාහ දිවියට පිවිසි සුල්තාන් මුහමද් රජුගේ වයස අවුරුදු 49 ක් වන බව සඳහන් වෙයි.
මේ අතර මැලේසියානු අගමැති මහතීර් මොහොමද් පවසන්නේ රජු විවාහ වු බව තහවුරු කළ නොහැකි බවයි.

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept