Ratawata News
News web site

නව ආණ්ඩුකාරවරුන් ජනපති ඉදිරියේ දිවුරුම් දෙයි

248

පසුගියදා ඉල්ලා අස්වූ ආණ්ඩුකාරවරුන් වෙනුවට නව ආණ්ඩුකාරවරුන් පස් දෙනෙකු පළාත් පහක් සඳහා නව ආණ්ඩුකාරවරුන් පත් කර තිබෙනවා. ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දී නව ආණ්ඩුකාරවරුන් දිවුරුම් දුන් බවයි. බස්නාහිර, මධ්‍යම, උතුරු මැද, වයඹ සහ නැගෙනහිර පළාත් සඳහා මෙලෙස නව ආණ්ඩුකාරවරුන් පත් කර තිබෙනවා.

ඒ අනුව බස්නාහිර පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස අසාද් සාලි මහතා පත් කර තිබෙනවා. සතේන්ද්‍ර මෛත්‍රී ගුණරත්න මහතා පත් කර තිබෙන්නේ මධ්‍යම පළාත් නව ආණඩුකාරවරයා ලෙසයි.  සරත් ඒකනායක මහතා උතුරු මැද පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස පත් කර තිබෙනවා.

වයඹ පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස පේෂල ජයරත්න බණ්ඩාර මහතා ද එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතා නැගෙනහිර පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙසද පත් කර තිබෙනවා.

 

 

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept