Ratawata News
News web site

නාඋල පොලිසියෙ පිරිත් දෙසුම ලබන දෙවැනිදා

ඉන්දික අරුණ කුමාර - නාඋල

249

නාඋල පොලිසිය සිව්වන වරටත් සංවිධාන කරන පිරිත් සජ්ඡායනය මෙවරත් ජනවාරි මස දෙවැනිදා (02) නාඋල පොලිස්ථානයේ දී පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.

නාඋල පොලිස්ථානාධිපති පොලිස් පරික්ෂක සුගත් බණ්ඩාර විජේසුන්දර මහතාගේ උපදෙස් පරිදි ප්‍රජා පොලිස් ඒකකය හා සිවිල් ආරක්ෂක කමිටු එක්ව වැඩසටහන සංවිධාන කර තිබෙනවා.

රටටත් ජනතාවටත් සෙත් ප්‍රර්ථනා කරමින් නාඋල ප්‍රදේශායේ සමස්ත ජනතාවට හා පොලිසියේ නිලධාරි මහතුන් හට දිර්ඝායුෂ ප්‍රාර්ථනා කරමින් පිරිත් සඡ්ඡායනය පැවැත්විමට නියමිතයි.

ප්‍රදේශයේ මහා සංඝරත්නය තිස්නමක් පොලිස්ථානයට වැඩම කරවා පිරිත් දෙසුමෙන් පසු, පසුදා (03) හීල් දැනය පිරිනැමීමන් අනතරුව පින්කම නිමාවට පත්වීමට නියමිතයි.

 

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept