Ratawata News
News web site

හෙරොයින් සහ අත්බෝම්බයක් සමග පාතාල සාමාජිකයෙක් අත්අඩංගුවට

131

සංවිධානාත්මක අපරාධක කල්ලියක සාමාජිකයකු හෝමාගම පනාගොඩ යුද හමුදා කඳවුර අසල පිහිටි ශ්‍රී මහා බෝධි විහාරය අසල මාර්ගයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ හෙරොයින් සහ ජීව අත්බෝම්බයක් සැකකරු සන්තකයේ තිබූ බවයි පොලිසිය පවසන්නේ. 

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා කියා සිටියේ පොලිස් විශේෂ කාර්ය බලකායේ සංවිධානාත්මක අපරාධ මැඩලීම් ඒකකයට ලද තොරතුරක් මත මෝටර් රථයක් පරීක්ෂා කිරීමේදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි. 

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති සැකකරු වන්නේ අතුරුගිරිය, සමනළඋයන ප්‍රදේශයේ පදිංචි ඉහළගමගේ දර්ශන නොහොත් අයි.ඩී. නමැති 33 හැවිරිදි අයෙකි. 

සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී හෙරොයින් ග්‍රෑම් 60යි මිලිග්‍රෑම් 550ක් ද ඔහු සන්තකයේ තිබී සොයා ගැනුණු බවයි පොලිසිය පවසන්නේ. 

සැකකරු සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු වන අංජු නමැත්තාගේ ප්‍රධාන ගෝලයකු මෙන්ම සයිමා නමැති සංවිධානාත්මක අපරාධකරුගේ හෙරොයින් ජාවාම සිදු කරන අයෙකු බවටද අනාවරණ වී තිබෙනවා. 

සැකකරු ඉදිරි විමර්ශන සඳහා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය වෙත භාරදී ඇති අතර අද (1) හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. 


 

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept